බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත පිරිස 800,000 අභිභවා යයි


බ්‍රසීලය විසින් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 800,000 ඉක්මවා ගොස් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (12දා) අලුයම වනවිට බ්‍රසීලයෙන් වාර්තා වූ ආසාදිත අගය 802,828කි.

ගෙවීගිය පැය 24 තුළ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව ආසාදිතයන් 30,412ක් වාර්තා කර තිබේ. ඒ අනුව බ්‍රසීලයේ දිනකට අවම වශයෙන් නව ආසාදිතයන් 30,000ක් පමණ වාර්තා වූ තෙවැනි දිනය මෙය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ගෙවීගිය පැය 24 තුළ බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 1,239ක් වාර්තා වී ඇති අතර, මේ සමගම එරට සංඛ්‍යාව 40,000 සීමාවද ඉක්මවා තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 40,919කි.



Recommended Articles