ලතින් ඇමෙරිකාව තුළ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 100,000ක සීමාව කරා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (08දා) උදෑසන වනවිට එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වූයේ 99,572ක් ලෙසිනි.
ඉන් නොනැවතී එරට තුළ සමස්ත ආසාදිත අගයද මිලියන 3ක සීමාව කරා පැමිණෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (08දා) උදෑසන වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වූයේ 2,962,442ක් ලෙසිනි. එහිදී ආසන්න දින කිහිපය තුළ එරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාවද 50,000 ඉක්මවා වාර්තා විය.
මේ වනවිට බ්‍රසීලයේ ජනාධිපතිවරයා, ජනාධිපති ආර්යාව, කැබිනට් අමාත්‍යවරු 8 දෙනෙකු ඇතුළු රජයේ ප්‍රබලයන් රැසක් වෛරසයට ගොදුරුව අවසන්ය.