ලතින් ඇමෙරිකානු කලාපයේ නව කොරෝනා මරණ වැඩිම ප්‍රමාණයක් වාර්තා කරන බ්‍රසීලය, ගෙවීගිය බදාදා දිනයේදී කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 60,000ක් ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගෙවීගිය දිනයේදී අමාත්‍යංශය විසින් නව කොවිඩ්-19 මරණ 1,038ක් වාර්තා කළ අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව මේ වනවිට එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 60,632ක් වශයෙනි.
මේ අතර බ්‍රසීලය බදාදා අලුතින් තහවුරු කළ ආසාදිතයන් සංඛ්‍යාව 46,712ක් වන අතර, එය දෛනිකව වාර්තා වූ ඉතා සැලකිය යුතු වැඩිවීමකි. නමුත් එය බ්‍රසීලයේ වැඩිම දෛනික ආසාදිත ප්‍රමාණයේ වාර්තාවක් නොවන්නේ, පසුගිය ජුනි 19දා අමාත්‍යාංශය විසින් නව ආසාදිතයන් 54,771ක් වාර්තා කර තිබූ බැවිනි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය දැක්වෙන්නේ 1,448,753ක් ලෙසිනි. එම සංඛ්‍යාව දෙවැනි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණි.