බ්‍රසීලයේ කොරෝනා ආසාදිත වූවන් ලක්ෂ 9 සීමාවට ඇවිත්


බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කළේ සඳුදා අවම වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 20,647ක් රට තුළින් වාර්තා වී ඇති බවයි.

මේ සමගම බ්‍රසීලයේ සමස්ත ආසාදිත අගය ලක්ෂ 9 සීමාව කරා පැමිණ ඇති අතර, අද (16දා) උදෑසන ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දුන්නේ 888,271ක් ලෙසිනි.

එසේම ගෙවීගිය පැය 24 තුළ බ්‍රසීලයේ අවම වශයෙන් කොවිඩ්-19 මරණ 627ක් වාර්තා කර ඇති අතර, මේ සමග රටේ මරණ සංඛ්‍යාව 43,959ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ නව කොරෝනා වෛරසය කුඩා උණක් ලෙස සලකා නොසලකා හැරීමේ ප්‍රතිවිපාක මෙන්ම, ආදර්ශයෙන් ජනතාවට සමාජ දුරස්ථකරණය පිළිබඳ පාඩම නොදීමේ ප්‍රතිවිපාක අද බුක්ති විඳමින් සිටින්නේ බ්‍රසීලයේ සාමාන්‍ය ජනතාවයි.



Recommended Articles