බ්‍රසීලයේ කෘෂිකර්ම ඇමතිත් කොවිඩ් ආසාදිත බව කියයි


බ්‍රසීලියානු කෘෂිකර්ම ඇමතිනී ටෙරීසා ක්‍රිස්ටිනාට කොවිඩ්-19 ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව තහවුරු වී ඇතැයි ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා තහවුරු කර තිබේ.

මීට පෙර බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයාද කොවිඩ්-19 ආසාදිත වූ අතර, ඔහු ඒ වනවිට ජනපති බොල්සොනාරෝ සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසියට සහභාගී වීමට නිව්යෝක් නුවරට ගොස් සිටියේය.

එහිදී ජනාධිපතිවරයා ප්‍රමුඛ සෙසු දූත පිරිස යළි සිය රට බලා ආවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා තවමත් ඇමෙරිකාවේ නිරෝධායනය වන බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර බොල්සොනාරෝ සමග මෙම සංචාරයට එක්වූ ඔහුගේ පුත්‍රයාටද වෛරසය ආසාදනය වී ඇති බවටද මාධ්‍ය වාර්තා කර තිබුණු අතර, ඔහු මේ වනවිට යළි බ්‍රසීලයට පැමිණ ඇති බවද සඳහන් විය.



Recommended Articles