නව කොරෝනා වෛරෙසය ආසාදිතයන් මිලියන 1.8ක් බ්‍රසීලය ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය පැය 24 තුළ නව ආසාදිතයන් 45,048ක් වාර්තා කිරීමත් සමග රටේ සමස්ත ආසාදිත අගය 1,800,827ක් දක්වා ඉහළ ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
මේ අතර කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 70,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන අතර, එරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිකුරාදා කොවිඩ්-19 නව මරණ 1,214ක් වාර්තා කර තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 70,398කි.
වෛරසය සඳහා ධනාත්මක පරීක්‍ෂණයෙන් පසු අර්ධ හුදකලාව සිටින ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ කියා සිටියේ රටේ ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් හැකි ඉක්මනින් සහ වගකිවයුතු ආකාරයකින් නැවත රට විවෘත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.