බ්‍රසීලයේ අධික වර්ෂාපතනය හේතුවෙන් 36ක් ජීවිතක්ෂයට


බ්‍රසීලයේ ඊසානදිග ප්‍රදේශයට බලපෑ දැඩි වර්ෂාපතනම සමග ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 36දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම, තවත් විශාල පිරිසක් අවතැන්ව පසුවන බව සාඕ පොලෝ ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දෙයි.

මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන්ම හුදකලා ප්‍රදේශ යළි සම්බන්ධ කිරීම සහ මාර්ග පිළිසකර කිරීම්ද සිදුකෙරෙමින් පවතී.

එමෙන්ම බ්‍රසීලයේ සැණකෙළි වෙත පැමිණි සංචාරකයන්ද ඇතැම් ස්ථානවල කොටුවී ඇති අතර, ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම්ද සිදුවන බව බ්‍රසීල බලධාරීන් පෙන්වා දෙයි.



Recommended Articles