බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බ්‍රහස්පතින්දා දිනයේදී තවත් නව කොරෝනා වෛරස ආසාදිතයන් 39,483ක් වාර්තා කිරීමත් සමග රට තුළ සමස්ත ආසාදිත අගය ලක්ෂ 12 සීමාව පසුකර තිබේ.
මේ වනවිට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (26දා) උදෑසන දක්වා තිබුණේ 1,228,114ක් ලෙසිනි.
එරට සෞඛ්‍ය මාත්‍යාංශය විසින් වෛරසය ආශ්‍රිත මරණ 1,141ක් බ්‍රහස්පතින්දා දිනයේ වාර්තා කර ඇති අතර, එමඟින් රටේ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 54,971ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල වැඩිදුරටත් පවසයි.
රටේ මහජන සෞඛ්‍ය ආරක්ෂාව පසෙක දමා, ආර්ථිකය ගැන පමණක් සිතමින් ඉක්මනින් රට විවෘත කිරීම ගැන කතා කළ, බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර සියලු ආකාරයේ හැසිරීම්වල ප්‍රතිඵලය බ්‍රසීලය එදාමෙදා තුර අත්විඳින දරුණුතම ඛේදවාචකයක් බවට පත්වෙමින් ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.