බ්‍රසීලයේ අඟහරුවාදා දිනයේ තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් 32,091ක් වාර්තා වූ බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්විවද්‍යාලය විසින් අද (10දා) අලුයම වාර්තා කළේ එරට සමස්ත නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 739,503ක් බවට පත්ව ඇති බවය.
බ්‍රසීලය තුළ වෛරසය පැතිර යාම ආරම්භ වී පැය 24ක් තුළ එරටින් නව ආසාදිතයන් 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කළ සිව්වැනි දිනය ඊයේ (09දා) දිනය බවද බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතර අඟහරුවාදා දිනයේ නව කොවිඩ්-19 මරණ 1,272ක්ද බ්‍රසීලය ඊයේ වාර්තා කර ඇති අතර, ඒ සමග රටේ වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 38,406ක් දක්වා ඉහළ ගොස් තිබේ.