ගෙවීගිය පැය 24 තුළ අවම වශයෙන් නව මරණ 1,220ක් බ්‍රසිල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කිරීමෙන් පසුව, එරට නව කොරෝනා වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 70,000ක සිමාව කරා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (10දා) අලුයම දක්වා සිටියේ රටපුරා මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 69,184ක් බවය.
මේ අතර බ්‍රසීල අමාත්‍යාංශය විසින් බ්‍රහස්පතින්දා අවම වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 42,619ක් වාර්තා කර ඇති අතර, ඒ අනුව සමස්ත ආසාදිත අගය දාහත් ලක්ෂ පණස් දහස ඉක්මවා තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව සමස්ත ආසාදිත අගය අද (10දා) අලුයම දක්වා සිටියේ 1,755,779ක් ලෙසිනි.
එක්සත් ජනපදයට වඩා ලොව දෙවැනි ඉහළම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව බ්‍රසීලය විසින් මේ වනවිටත් වාර්තා කරමින් පවත්වාගෙන යන අතර, පසුගිය අඟහරුවාදා එරට ජනාධිපති ජෙයාර් බොල්සනාරෝද ප්‍රකාශ කළේ තමා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බවයි.
මේ අතර එරට ජනාධිපති කාර්යාලය බ්‍රහස්පතින්දා වාර්තා කළේ බොල්සොනාරෝ සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්, සංකූලතා නොමැති බවත්ය.
කෙසේ වෙතත් බොල්සොනාරෝ තමාට කොරෝනා යැයි කියූ මාධ්‍ය හමුවේදී, මුඛ ආවරණය ගලවා දැමීමෙන් එම මාධ්‍ය ආවරණයට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බවට බ්‍රසීල පුවත්පත් සංගමය අධිකරණයේ චෝදනා ගොනුකිරීමක්ද සිදුකර තිබේ.