බ්‍රසීලයෙන් ගෙවීගිය පැය 24 තුළ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 21,432ක් හමුවී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේ වනවිට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 වෛරස ආසාදිත අගය 1,106,470ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
එමෙන්ම බ්‍රසීලයේ කොවිඩ්-19 ආශ්‍රිත මරණ 654ක් එදින වාර්තා වී ඇති අතර, බ්‍රසීලයේ කොරෝනා වෛරසයෙන් නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 51,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලතින් ඇමරිකාවේ වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට බ්‍රසීලය වන අතර, එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇත. පසුගිය සතිය තුළ දිනකට එරට තුළ සිදුව තිබූ කොරෝනා මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 1,000ක් විය.