ගෙවීගිය පැය 24 තුළ බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව කොරෝනා වෛරස ආසාදිතයන් 39,436ක් වාර්තා කර ඇති අතර එය වසංගතය ආරම්භයේ සිට දිනපතා වාර්තා වූ තවත් ඉහළ අගයකි.
මේ වනවිට රට තුළ තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,145,906ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගෙවීගිය දිනය තුළ අලුතින් කොවිඩ්-19 මරණ 1,374ක් වාර්තා වී ඇති අතර බ්‍රසීලයේ කොරෝනා වෛරසය ආශ්‍රිත නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 52,645ක් දක්වා ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා මියගිය සංඛ්‍යාව දෛනිකව වාර්තා වූ දෙවැනි ඉහළම අගයයි.
ලතින් ඇමරිකාවේ වැඩිම නව කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන්නේ එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ දෙවැනි ස්ථානයට පත්වෙමිනි. පසුගියදා රටේ විශාලතම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 54,771ක් ලෙස වාර්තා වූ අතර, එරට විශාලතම දෛනික මරණ සංඛ්‍යාව ජුනි 4දා මරණ 1,473ක් ලෙස වාර්තා විය.