බ්‍රසීලයෙන් ගෙවීගිය දිනයේ පමණක් ආසාදිත 35,000ක්


බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගෙවීගිය අඟහරුවාදා දිනයේ වාර්තාගත ලෙස නව කොවිඩ්-19 ආසාදිතයන් 35,000කට ආසන්න සංඛ්‍යාවක් එරටින් හඳුනා ගැනීමට හැකිවී තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව අඟහරුවාදා දිනයේ ආසාදිත අගය 34,918ක්, වන අතර මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 923,189කි.

බ්‍රසීලයෙන් අවසන් වරට සැලකිය යුතු ආසාදිත වර්ධනයක් වාර්තා වූයේ පසුගිය මැයි 30දා වන අතර, එදින නව ආසාදිතයන් 33,274ක් වාර්තා විය.

මේ අතර ගෙවීගිය දිනයේ රට තුළ නව කොවිඩ් -19 මරණ 1,282ක් වාර්තා වී ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව රටේ සමස්ත මරණ සංඛ්‍යාව 45,241ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ්-19 වෛරසය පැතිරීම ආරම්භයේ සිටම වගකීමෙන් තොර හැසිරීමක් පෙන්නුම් කළ බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය එරටට මෙවැනි ඛේදනීය ඉරණමක් අත්වීම සඳහා බෙහෙවින් බලපා තිබේ.

නව කොරෝනාව කුඩා උණක් ලෙස සැලකූ ඔහු, තම පාක්ෂිකයන් අතරට ගොස් මුඛ ආවරණයක් හෝ නොමැතිව දැක්වූ රංගනයන්ගේ ප්‍රතිඵල අද එරට අහිංසක ජනතාවට භුක්ති විඳීමට සිදුව ඇත්තේ රටේ පාලකයා ආදර්ශයක් නොදීමේ හා යුහුසුළුව ක්‍රියාත්මක නොවීමේ හේතු නිසාය.



Recommended Articles