බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිකුරාදා නව කොරෝන වෛරසය ආසාදිතයන් 46,860ක් වාර්තා කරමින් එරට තුළ දෛනිකව තවත් කැපී පෙනෙන ඉහළ යෑමක් සටහන් කර තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 1,274,584ක් ලෙස සටහන් කරයි.
මේ අතර නව කොරෝනා වෛරසය ආශ්‍රිතව එදින තවත් පුද්ගලයින් 990ක් මිය ගිය බව අමාත්‍යාංශය වාර්තා කර තිබේ.
මේ අනුව බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 55,957ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සටහන් කරයි.
බ්‍රසීලයේ වඩාත්ම ජනාකීර්ණ නගරය සහ එහි කොවිඩ්-19 පැතිරයාමේ කේන්ද්‍රස්ථානය වන සාඕ පාලෝ හි අවම වශයෙන් 258,508ක කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම අගය යුරෝපයේ වෛරසය පැතිර ගිය කේන්ද්‍රස්ථානය වූ ඉතාලියේ සමස්ත ආසාදිත අගය මෙන්ම, ස්පාඤ්ඤයේද සමස්ත අගය පසුකළ තත්ත්වයකි. මේ අතර සාඕ පාලෝ හි අවම වශයෙන් පුද්ගලයන් 13,966ක් වෛරසයෙන් මියගොස් ඇති බව රාජ්‍ය සෞඛ්‍ය ලේකම් පවසයි.
මේ අතර රියෝ ඩි ජැනීරෝ හි අවම වශයෙන් කොරෝනා වෛරස ආසාදිතයන් 108,497ක් සිටින අතර, අවම වශයෙන් පුද්ගලයින් 9,587ක් වෛරසයෙන් මියගොස් ඇති බවද රාජ්‍ය සෞඛ්‍ය ලේකම් පවසයි.