බ්‍රසීලයට බලපෑ සුළි කුණාටුවෙන් ජීවිතහානි


දකුණුදිග බ්‍රසීලයේ රියෝ ග්‍රැන්ඩේ ඩු සෝල් පළාතට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සුළි කුණාටුවත් සමග අධික වර්ෂාවක් ඇදහැලීම නිසා නායයෑම් තර්ජනය වඩාත් තීව්‍ර කර ඇති අතර, බලධාරීන් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් අවතැන් වූ පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වී ඇත.

පුද්ගලයන් 8,000ක් පමණ වාසය කරන කාරා නගරය මෙම සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමට ලක්වූ නගරය වන අතර, එහි සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුම් වඩාත් තීව්‍ර කර තිබේ. එමෙන්ම ප්‍රදේශයේ විදුලිය ඇණහිටීම්ද පැවති බව සඳහන් වෙයි.



Recommended Articles