බ්‍රසීලයේ කොංග්‍රසයට, ජනාධිපති මන්දිරයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන්ට නීතියෙන් උපරිම දඬුවම් දෙන බව එරට වත්මන් ජනපති ලූලා ද සිල්වා පවසයි.
මෙම සිද්ධිය තරයේ හෙළාදුටු ජනාධිපතිවරයා මෙවැනි ක්‍රියාවන් යළි ඇති නොවීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.
බොල්සොනාරෝ හිතවාදී ආධාරකරුවන් බ්‍රසීලයේ අගනුවර ප්‍රධාන රජයේ ගොඩනැගිලිවලට කඩා වැදීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයන් 400දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රටේ ෆෙඩරල් දිස්ත්‍රික්කයේ ආණ්ඩුකාර ඉබනීස් රොචා පැවසීය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් බ්‍රසීලයේ ප්රජාතන්ත්රවාදී ආයතනවලට එල්ල කළ ප්‍රහාරය හෙළා දුටුවේය.