බ්‍රසීල හිටපු පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝටත් කොවිඩ්


බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු නිරූපකයෙකු වන රොනාල්ඩෝ කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව එරට මාධ්‍ය පවසයි.

පරීක්ෂණ ප්‍රතිඵලය හේතුවෙන් හිටපු තරුවට නව අවුරුදු උදාවේ සැමරුම්ද මගහැරී තිබුණි. කෙසේ වෙතත් ඔහු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවද එම මාධ්‍ය වාර්තා පවසයි.

FIFA ලෝක කුසලාන හතරකට ක්‍රීඩා කර ඉන් දෙකක් බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රහණය ලබාදීමට කටයුතු කර ඇති රොනාල්ඩෝ ඔහුගේ උච්චතම අවස්ථාවෙහිදී ලෝකයේ හොඳම ප්‍රහාරකයෙකු ලෙස සැලකුණි.

ලෝක කුසලාන තරගාවලියකදී ගෝල 15ක් රැස් කිරීමේ ඔහුගේ වාර්තාව බිඳ දැමුවේ 2014 වසරේ ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් විසිනි.



Recommended Articles