බ්‍රසීලයේ දැවැන්ත වේල්ලක් කැඩීයාමේ ව්‍යසනය වළක්වාගත හැකිව තිබුණේ යැයි එම අනතුරින් මාස 6කට පසුව අනාවරණය වී තිබේ.
විශේෂයෙන්ම, මෙම දැවැන්ත වේල්ල අනාරක්ෂිත බව ප්‍රත්‍යක්ෂව තිබියදීත්, සුරක්ෂිතතා සහතිකයක් එහි ජර්මානු පාලනාධිකාරිය විසින් සහතික කරගෙන ඇති බව පරීක්ෂණ කණ්ඩායම් පවසයි.
එහිදී, වේල්ල කැඩීයාමත් සමග ඇති වූ දැවැන්ත මඩ ප්‍රවාහයට යටවී පුද්ගලයන් 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙය බෘමඩින්හෝ නගරයට ආසන්නයේ වූ දැවැන්ත වේල්ලකි.
ඒ අනුව, මෙම අනතුර වළක්වා ගැනීම සඳහා කිසිදු පියවරක් අදාළ ජර්මානු සමාගම විසින් ගෙන නොමැති බවද අභිචෝදකයන් පෙන්වා දෙයි.
මීට අමතරව, මෙම පරීක්ෂණ මෙහෙයවීම සඳහා අදාළ සමාගම දක්වන මන්දගාමී බවද අභිචෝදකයන්ගේ විවේචනයට දැඩිව ලක්ව තිබේ.