බ්‍රසීලයේ, කයාපෝ ආදිවාසී ගෝත්‍රයේ සාමාජිකයන් සිය වැඩිහිටියන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්කළ නව කොරෝනා වෛරස වසංගතය හමුවේ රජයේ ආරක්ෂාවක් නොලැබීමට විරෝධය පළ කරමින් මධ්‍යම-බටහිර බ්‍රසීලයේ ප්‍රධාන ධාන්‍ය ප්‍රවාහන මාර්ගයක් අවහිර කරමින් විරෝධතාවක් පවත්වා තිබේ.
බීආර් -163 අධිවේගී මාර්ගයේ බඩ ඉරිඟු රැගෙන යන ට්‍රක් රථ අවහිර කිරීම සඳහා ශරීර වර්ණ තවරාගත් සහ හිස් ආවරණ පැළඳ සිටින කයාපෝ රණශූරයන් පිරිසක් ටයර් සහ ලී භාවිත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
නව කොරෝනා වසංගතය හමුවේ බ්‍රසීලයේ ස්වදේශික ජනතාවට දැඩි පීඩනයකට ලක්වීමට සිදුව ඇති අතර, වත්මන් ජනපති බොල්සොනාරෝ වනාන්තර හෙළිපෙහළි කරමින් බ්‍රසීලය විනාශ මුඛයට ඇද දමමින් සිටි පසුබිමක, නව කොරෝනා වසංගතය පාලනය කිරීමටද ඔහු අපොහොසත් වීමෙන් මෙම ජනතාවගේ ජීවිත තව තවත් අඳුරට පත්ව තිබේ.
මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,359,570ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් වාර්තා වන ආසාදිත මරණ සංඛ්‍යාව 108,536ක් දක්වා ඉහළ ගොස් තිබේ.