බ්‍රසීල පතල් වේල්ල අවධානම්ව පැවති බව සමාගම දැන සිටලා


ජීවිත 165ක් බිලි ගනිමින් පසුගිය මාසයේ බ්‍රසීලයේදී කඩා වැටුණු පතල් වේල්ල දැඩි අවධානම් තත්ත්වයක පැවති බව එම පතල් සමාගම කලින් දැන සිට ඇති බවට අනාවරණයක් වෙයි.

මෙම පතල භාරව සිටි වේල් සමාගම මිනාස් ගෙරේයිස් වේල්ල සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුකළ අභ්‍යන්තර ආරක්ෂණ සමීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය වී ඇති බව සඳහන් වෙයි.

ලොව යපස් කැණීම් සිදුකරන ප්‍රමුඛතම සමාගමක් ලෙස වේල් සමාගම සැලකෙන අතර, ඔවුන් මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරයි.

ඔවුන් මුලින්ම සඳහන් කර තිබුණේ බාහිර විගණන වාර්තාවකදී වේල්ල නිසි ආරක්ෂණ තත්ත්ව යටතේ පැවති බවයි.

මෙම වේල්ල කඩාගෙන යෑම නිසා සිදුවූ අනතුර බ්‍රසීල ඉතිහාසයේ සිදුවූ දරුණුතම පතල් අනතුරක් ලෙස සැලකෙන අතර, පුද්ගලයන් 300ක් පමණ මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙන්නේ තවමත් ගණනය නොවුණු අතුරුදන් පුද්ගලයන්ද සිටින නිසාය.



Recommended Articles