බ්‍රසීල ධාරානිපාත වර්ෂාවෙන් අවම වශයෙන් 25ක් මරු දකී


බ්‍රසීලයේ පෙර්නාම්බූකෝ ප්‍රාන්තයේ අගනුවර වන රෙසීෆ් වෙත අඟහරුවාදා සිට ඇද හැලෙන අධික වර්ෂාවෙන් සෙනසුරාදා වනවිට අවම වශයෙන් පුද්ගලයන් 25දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

අද වනවිට ප්‍රදේශයේ විවිධ ස්ථානවල මරණ 25ක් සිදුව ඇති බව සිවිල් ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙම අගය අනාවරණය කළේය.

බ්‍රසීලයේ ජාතික කාලගුණ අධිකාරිය ඊසානදිග බ්‍රසීලයේ වෙරළ තීරයේ සතිය පුරා පවතින අධික වර්ෂාව පිළිබඳව අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.



Recommended Articles