බ්‍රසීලයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 50,644ක් ගෙවීගිය පැය 24 තුළ වාර්තා වූ අතර, එම කාලසීමවේදී මරණ 1,060 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, මේ වන විට තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,275,520ක් වන අතර, මරණ 106,523ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සාඕ පවුලෝ ප්‍රාන්තයේ සිකුරාදා නව ආසාදිතයන් 11,667ක් සහ නව මරණ 289ක් වාර්තා වූ අතර, එය පෙර දිනයේ වාර්තා වූයේ 19,274 ක් හා 455ක් ලෙසිනි.
බ්‍රසීලයේ කොරෝනා වෛරසයෙන් දරුණුම ලෙස පීඩාවට පත්ව ඇත්තේ සාඕ පවුලෝ ප්‍රාන්තයයි.