නව කොරෝනා වෛරසය ආසාදිතව සිටින බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ බිරිඳ මිෂෙල් බොල්සනාරෝ කියා සිටියේ තමා සහ ඇගේ දියණියන් දෙදෙනා වෛරසය සඳහා සෘණාත්මක බව පරීක්ෂණයෙන් තහවුරු වූ බවයි.
බ්‍රසීල ජනපතිවරයා තමා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ බව කියා සිටියේ පසුගිය අඟහරුවාදා දිනයේදීය.
එහිදී තමා නිරෝධායනයට ලක්ව සිටින බවත්, හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඖෂධය තමා භාවිත කරන බවද බොල්සොනාරෝ පැවසීය. ට්‍රම්ප් විසින් යෝජනා කළ මෙම මැලේරියා ඖෂධය, මෙතෙක් පරීක්ෂණ මගින් තහවුරු නොකළ හා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් භාවිත නොකරන ලෙසද උපදෙස් ලබාදුන් ඖෂධයක් වීමද විශේෂත්වයකි.
මේ අතර බ්‍රසීලයේ මියගිය සංඛ්‍යාව 70,000 ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය පැය 24 තුළ නව ආසාදිතයන් 45,000ක් සහ මරණ 1,200ක් වාර්තා වී ඇති අතර, ඒ සමග බ්‍රසීලයේ සමස්ත ආසාදිත අගය 1,839,850ක් සහ මරණ 71,469ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මේ වනවිට වාර්තා කරයි. එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ වැඩිම ආසාදිතයන් හා මරණ වාර්තා වන රට බ්‍රසීලයයි.