බ්‍රසීල ජනපතිගේ කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල සඟවලාද?


මේ වනවිටත් කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටින බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ මෙම සතියේ දෙවැනි පරීක්ෂණයකට යොමුවන බව මුලින් සඳහන් කර තිබුණත්, මේ වනවිට එම පරීක්ෂණයේ තොරතුරු වසන් කිරීමක් පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලය පැවසුවේ ජනාධිපතිවරයා නව කොරෝනා වෛරස පරීක්ෂණයක් කර ඇත්ද යන්න හෝ රටේ නායකයා පිළිබඳ කිසියම් පරීක්ෂණයක් පිළිබඳ තොරතුරු මධ්‍යයට ලබාගත හැකි ද යන්න තහවුරු කළ නොහැකි බවයි.

බොල්සොනාරෝ පසුගිය සතියේ තමා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බවත්, මේ වනවිට හුදකලාව සිටින බවත් කියා සිටි අතර, පසුව තවත් පරීක්ෂණයක් සඳහා මෙම සතියේ යොමුවන බව හෙතෙම සඳහන් කළේය.

"මට නිවසට වී රැඳී සිටිය නොහැකි නිසා මම තවත් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් සිටිනවා." ඔහු සඳුදා රාත්‍රියේ කියා සිටියේය.

මුල සිටම වෛරසය පුංචි උණක් ලෙස සලකමින් බ්‍රසීල ජනතාව දැඩි අසරණතාවකට පත්කළ ඔහුගේ දොරකොඩටම වෛරසය පැමිණෙන තුරු බොල්සොනාරෝ දැන නොසිටි අතර, වෛරසය ඔහුට වැලඳුණත් බිරිඳට හා දියණියන්ට වැලඳී නොතිබුණි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (15දා) වනවිට බ්‍රසීලයෙන් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 1,926,824ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව 74,133කි.



Recommended Articles