බ්‍රසීල ජනපති ආර්යාවගේ මිත්තනිය කොවිඩ්වලට බිලි


බ්‍රසීලයේ ජනපති ආර්යාව වන මිෂෙල් බොල්සොනාරෝගේ මිත්තනිය වන මාරියා අපරෙසීඩා ෆර්මෝ ෆෙරෙයිරා, කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසු ඊයේ (12දා) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

80 හැවිරිදි වියේ පසුවූ ෆෙරෙයිරා දින 42ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති අතර, වෛරසය හේතුවෙන් ඇති වූ සංකූලතා සමග ඇගේ මරණය සිදුව ඇති බව දැනගන්නට ලැබෙයි.

කෙසේ වෙතත් සිය මිත්තනියගේ මරණය ගැන බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ, ජනාධිපති ආර්යාව මිෂෙල් බොල්සනාරෝ හෝ ජනාධිපති කාර්යාලය මෙතෙක් අදහස් දක්වා නොමැත.

මුල සිටම නව කොරෝනා වෛරසය පුංචි උණක් ලෙස සලකමින් එය විහිළුවකට ගත් බ්‍රසීල නායකයාද මීට පෙර වෛරසයට ගොදුරු වූ අතර, ඔහුගේ බිරිඳ වන මිෂෙල්ද වෛරසයට ගොදුරු විය.

බ්‍රසීලයේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 3,164,785ක් වාර්තා වන අතර, එරට වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 104,201කි.



Recommended Articles