බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ බිරිඳ, ජනාධිපති ආර්යා මිෂෙල් බොල්සනාරෝ නව කොරෝනා වෛරස රෝගයෙන් සුවය ලබා තිබේ.
38 හැවිරිදි ජනපති ආර්යාව පණිවුඩයක් නිකුත් කරමින්, පරීක්ෂණය සෘණාත්මක ප්‍රතිඵලයක් ලැබුණු බවත්, ජනතාවගේ යාඥාවන් සහ සෙනෙහස වෙනුවෙන් ස්තූතිවන්ත වන බවත් ඊයේ (17දා) කියා සිටියාය.
මේ වනවිට 65 වැනි වියෙහි පසුවන බ්‍රසීල නායකයාගේ 38 හැවිරිදි වත්මන් ආර්යාව, ඔහුගේ තෙවැනි බිරිඳයි. මීට පෙර 1978 දී මුල් වරට විවාහ වී ඇති ඔහු, පසුව 1997 දී යළිත් විවාහ වී තිබේ. ඉන් පසුව 2007 දී මිෂෙල් විවාහ කරගෙන ඇත.
කෙසේ වෙතත් ජනාධිපති ආර්යාවට වෛරසය වැලඳුණේ ජනාධිපතිවරයාගෙන් විය හැකි බව කියයි. මන්දයත්, ජනාධිපති බොල්සනාරෝ ජූලි 7දා වෛරසයට ධනාත්මක වූ අතර, නිවසේ සිට සති ගණන් වැඩ කරමින්, පසුගිය ජූලි 27දා සුවය ලැබීය. එසේම ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු සහ ඔහුගේ සමීපතමයන් කිහිප දෙනෙකුද වෛරසයට ගොදුරු වූයේද ඔහුගේ වගකීමෙන් තොර හැසිරීම නිසාය.
එක්සත් ජනපදයෙන් පසු ලොව දෙවැනි විශාලතම කොවිඩ්-19 පැතිරීම බ්‍රසීලයෙන් වාර්තා වන්නේද, ට්‍රම්ප්ට නොදෙවැනි ලෙස වසංගතය සමග ජෙයර් බොල්සොනාරෝ සෙල්ලම් කළ නිසා යැයි විදෙස් විචාරකයෝ පවසති.