බ්‍රසීලයේ දර්ශනීය නගරයක් වන පෙට්‍රොපොලිස් හි හදිසි ගංවතුර සහ නායයෑම් ඇති කළ ධාරානිපාත වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 152ක් දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීන් පවසයි.
ගලවා ගැනීමේ සේවකයින් සහ නිවැසියන් ඔවුන්ගේ අතුරුදහන් වූ ඥාතීන් සොයමින් ගිනිකොනදිග නගරයේ මඩ සහ සුන්බුන් කඳු හරහා දිගටම මෙහෙයුම් සිදුකරමින් ඇත.
අඟහරුවාදා ඇති වූ මෙම අයහපත් කාලගුණයෙන් පසු පුද්ගලයින් 165දෙනෙකු අතුරුදන් වී ඇති නමුත් සුන්බුන් යට සිරවූ අය තවදුරටත් ජීවතුන් අතර සිටිනු ඇතැයි සිතිය නොහැකි බව පොලිසිය පවසයි. මේ නිසා ක්‍රමක්‍රමයෙන් ඉහළ යන මරණ සංඛ්‍යාව කෙතරම් ඉහළ යයිද යන්න පැහැදිලි නැත.
තවත් සිරුරු හඳුනාගෙන ඇති බැවින් අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පහත වැටී ඇති අතර, මේ වනවිට අතුරුදන් වූවන්ගේ මළ සිරුරු 124ක් හඳුනාගෙන ඇත. ඒ අතර ළමයින් 28ක්ද ඇතුළත් බව බලධාරීන් පවසයි.