බ්‍රසීල කොවිඩ් ආසාදිතයන් ඉහළ යෑම අඛණ්ඩව සිදුවේ


බ්‍රසීලයේ සෞඛ්ය අමාත්‍යාංශය විසින් බදාදා නව කොරෝනා වෛරස ආසාදිතයන් 42,725ක් වාර්තා කර ඇති අතර රට තුළ දිනෙන් දින නව රෝගීන්ගේ තියුණු වැඩිවීමක් අඛණ්ඩව සිදුවෙමින් තිබේ.

රටේ වැඩිම එක් දින ආසාදිතයන් සංඛ්‍යාව 54,771ක් වන අතර, එම අගය මෑතකදී වාර්තා විය.

පසුගිය දින තුන තුළ පමණක් රට තුළ නව ආසාදිතයන් 103,593ක් වාර්තා වී ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (25දා) අලුයම වනවිට බ්‍රසීලයෙන් තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,188,631කි.

එමෙන්ම ගෙවීගිය බදාදා වෛරසය ආශ්‍රිතව නව මරණ 1,185ක් වාර්තා කළ අතර රටේ සමස්ත මරණ සංඛ්‍යාව 53,830ක් බවට මේ වනවිට පත්ව තිබේ.

වගකීමෙන් තොරව, තම මතය පමණක් ඉදිරියෙහි තබාගෙන සිටින හිස උදුම්මවාගත් රාජ්‍ය පාලකයෙකු බ්‍රසීලයේ නායකයා වීම එම ජනතාවට මෙම අවාසනාවන්ත ඛේදාන්තය උරුම වීමට හේතු වී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.



Recommended Articles