බ්‍රසීල ඔලිම්පික් ක්‍රීඩකයන් රැඳි හෝටලයේ කොවිඩ් පොකුරක්


ජපානයට පැමිණ සිටින බ්‍රසීල ඔලිම්පික් ක්‍රීඩකයන් රැඳී සිටින හෝටලයක ඇති වූ කොවිඩ්-19 පොකුරක් සමග ක්‍රීඩා උළෙල හා බැඳී ඇති ආසාදන පිළිබඳ නවතම අවධානය යොමුව තිබේ.

මෙය ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය තුළ මාස 6ක කාලයකදී වැඩිම නව ආසාදිතයන් වාර්තා වූ අවස්ථාව ලෙසද සැලකෙයි.

සමාරම්භක උත්සවයට සතියකට පමණ පෙර මෙසේ පැතිරෙන ආසාදන මගින් වසංගතයක් තුළ ලෝකයේ විශාලතම ක්‍රීඩා ඉසව්ව, ප්‍රේක්ෂකයින් නොමැතිව පවා පැවැත්වීමේ අවදානම ඉස්මතු කර ඇත.

ටෝකියෝවට නිරිත දෙසින් පිහිටි හමාමාට්සු නගරයේ හෝටලයේ කාර්ය මණ්ඩලයේ හත් දෙනෙකු මෙසේ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව නගර නිලධාරියෙක් පැවසීය.

එහෙත් ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් 31 දෙනෙකුගෙන් යුතු බ්‍රසීලියානු ඔලිම්පික් දූත පිරිස මෙම හෝටලයේ ආරක්ෂිත බුබුලක අනෙක් අමුත්තන්ගෙන් වෙන්වී සිටින අතර, ඔවුන්ට ආසාදනය වී නොමැත.

කෙසේ වෙතත් කොවිඩ්-19 සඳහා පුහුණුකරුවෙකු ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසුව රුසියානු කාන්තා රග්බි සෙවන්ස් කණ්ඩායම හුදෙකලා විය.

අධික ලෙස බෝවන වෛරස් ප්‍රභේද නවතම ආසාදන රැල්ලට හේතු වී ඇති අතර මිනිසුන්ට එන්නත ලබා දීමට අපොහොසත් වීම ජපානයේ ජනගහනය අවදානමට ලක්කර ඇති බව කියයි.

අගෝස්තු 8 වන දින ඔලිම්පික් උළෙල අවසන් වන තෙක් හදිසි තත්වයක් පැනවූ ටෝකියෝව, අද (14දා) නව කොවිඩ්-19 ආසාදිතයන් 1,149ක් වාර්තා කර ඇති අතර, එය ජනවාරි 22 න් පසු වැඩිම ආසාදන සංඛ්‍යාව වෙයි.



Recommended Articles