බ්‍රසිල බන්ධනාගාරයක පාතාල කණ්ඩායම් ගැටේ - 52ක් මරුට


බ්‍රසීලයේ බන්ධනාගාරයක් තුළ පාතාල කණ්ඩායම් දෙකක් අතර පැය පහකට අධික කාලයක් පැවති ගැටුමගින් පුද්ගලයන් 52 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාරා ප්‍රාන්තයේ වූ අල්ටාමිරා බන්ධනාගාරය තුළ සිදුවූ මෙම ගැටුමේදී එක් පාර්ශ්වයක් විසින් බන්ධනාගාරයේ කොටසක් අවහිර කර ඇති බව කියැවෙයි.

මියගිය අයගෙන් 16 දෙනෙකු මෙම සිදුවීමට සම්බන්ධ පාතාල සාමාජිකයන් වන අතර, සෙසු පිරිස බන්ධනාගාරයට ගිනි තැබීමෙන් පසු ගින්නට හසුවීමෙන් මියගිය රැඳවියන් බව සඳහන් වෙයි.

මෙම අවස්ථාවේදී ප්‍රාණ ඇපයට ගෙන තිබුණු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු පසුව නිදහස් කර තිබුණි.

බලධාරීන් පවසන පරිදි එරට වේලාවෙන් පෙ.ව. 7.00ට පමණ ඇරඹී ඇති ගැටුම මධ්‍යහනය දක්වා ඇදී ඇති අතර, හමුදාව යොදා තත්ත්වය පාලනය කිරීමට බ්‍රසීල බලධාරීන් කටයුතු කර තිබේ.



Recommended Articles