බෂර් අල්-අසාද් එක්සත් අරාබියේ සංචාරයකට


සිරියානු ජනාධිපති බෂර් අල්-අසාද් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

අසාද් ජනාධිපතිවරයා සමග ජනාධිපති ආර්යාවද මෙම සංචාරයට එක්ව ඇති අතර, මෙම දෙපළ පිළිගැනීම එමීර් ජනාධිපති ෂෙයික් මොහොමඩ් විසින් සිදුකර තිබේ.

මෙම සංචාරයෙන් සිරියාව ඇතුළු කලාපයේ සංවර්ධනය සහ ස්ථාවරත්වය සඳහා වූ සහයෝගය ආරම්භ කෙරෙන බවද එක්සත් අරාබි එමීර් ජනාධිපතිවරයා පවසා සිටියි.



Recommended Articles