ට්‍රක් රථයක් තුළ හුස්ම හිරවීමෙන් මියගිය ඇෆ්ගන් සරණාගතයන් 18දෙනෙකුගේ සිරුරු බල්ගේරියාවේදී සොයාගෙන තිබේ.
මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 6දෙනෙකුට එරෙහිව බල්ගේරියානු අධිකරණ දැනටමත් නඩු පවරා ඇති අතර, මෙම ට්‍රක් රථය එරට සොෆියා අගනුවර ආසන්නයේදී අතහැර දමාගොස් තිබියදී සොයාගෙන තිබුණි.
බල්ගේරියවේ ජාතික විමර්ෂණ සේවා ප්‍රධානියා සහ නියෝජ්‍ය අභිචෝදකයා කියා සිටියේ මියගිය පුද්ගලයන් සියලු දෙනාම ඉතා සෙමෙන් හා වේදනාත්මක මරණයන්ට මුහුණදී ඇති බවයි.