බලශක්ති මිල ඉහලයාම සමග යුරෝ කලාපයේ උද්ධමනයක්


යුරෝ කලාපීය උද්ධමනය මේ මාසයේ වාර්තාගත අනුපාතයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2008 වසරේ සිට ඉහළම මට්ටමට ළඟා වී තිබේ.

බලශක්ති මිල අඛණ්ඩව ඉහළ යාමත් සමග මෙසේ උද්ධමනය ඉහළම අගයට පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

යුරෝපා සංගමය පුරා උද්ධමන අනුපාතිකය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 3.4% සිට ඔක්තෝබර් දක්වා වසර තුළ 4.1%ක් දක්වා ඉහළ ගියේය.

සැප්තැම්බර් මාසයේදී බලශක්ති මිල 23.5%කින් ඉහළ ගිය හෙයින් උද්ධමනය 4.1%ක් දක්වා වැඩිවීම යුරෝපීය මහ බැංකුවේ ඉලක්කය මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ඒජන්සිය පවසයි.

කොරෝනා වසංගතයෙන් ගෝලීය ආර්ථිකය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබුණද, යුරෝ කලාපීය රටවල් 19 හි උද්ධමනය මෑත මාසවල ඉහළ යමින් පවතී.



Recommended Articles