බලශක්ති පරිභෝජනය අඩු කරන ලෙස EU ඉල්ලා සිටී


යුරෝපීය සංගමයේ නායකයන් ඔවුන්ට ලැබෙන බලශක්ති සැපයුම් බාධා මධ්‍යයේ රුසියානු ගෑස් මත යැපීම අඩු කිරීමේ සැලැස්මක් නිවේදනය කර තිබේ.

ඒ අනුව, අගෝස්තු සිට මාර්තු අවසානය දක්වා කාලය තුළ ඔවුන්ගේ බලශක්ති පරිභෝජනය 15%කින් අඩු කරන ලෙස යුරෝපීය කොමිසම සාමාජික රටවලින් ඉල්ලා තිබේ.

කප්පාදුව ස්වේච්ඡාවෙන් කෙරෙන නමුත් බලශක්ති හදිසි අවස්ථාවකදී ඒවා අනිවාර්ය කිරීමට යෝජනා යුරෝපා සංගමයට ඉඩ දෙයි.



Recommended Articles