බලශක්ති අර්බුදයට මාර්ගගත අධ්‍යාපනය විසඳුමක් නොවේ


බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා විශ්ව විද්‍යාල නැවත මාර්ගගත අධ්‍යයන වෙත මාරු නොවිය යුතු බව ප්‍රංශ උසස් අධ්‍යාපන අමාත්‍ය සිල්වි රෙටීලියූ පවසයි.

ඇගේ ප්‍රකාශය පැමිණෙන්නේ ප්‍රංශය සහ අනෙකුත් යුරෝපීය රටවල් ඉහළ යන බලශක්ති මිල ගණන් සහ ගෑස් හිඟය පිළිබඳ වැඩෙන භීතිය මධ්‍යයේ පිරිවැය ඉතිරි කිරීමේ ක්‍රියාමාර්ග වැඩි වැඩියෙන් සොයමින් සිටින විටය.

“අපි කොවිඩ්-19 නිසා බොහෝ කාලයක් දුරස්ථ අධ්‍යාපනයේ සිටියා. නමුත් දැන් ඒ සීමාවලින් ක්‍රමයෙන් ඉවත් වෙනවා. ඒ නිසා අපි ඉගැන්වීම පන්ති කාමරයේ තබා ගත යුතුයි” අමාත්‍යවරිය අවධාරණය කර තිබේ.



Recommended Articles