බලයෙන් පහකළ ඉම්රාන්ට සහාය දක්වා විරෝධතාවක්


බලයෙන් පහකරන ලද අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දැක්වීමට දහස් ගණනක් වීදි බැස ඇති අතර, එරට අගනුවර වන ඉස්ලාමාබාද් ඇතුළු පකිස්ථානයේ නගර රැසක විරෝධතා දක්නට ලැබුණු බව විදෙස් වාර්තා පවසයි.

සෙනසුරාදා සාර්ථක විශ්වාසභංගයකින් ඔහු එරට පාර්ලිමේන්තුවෙන් නෙරපා හරින ලදී. ඛාන් මෙම ඡන්ද විමසීම විදේශීය පිටුබලය ලබන පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් ලෙස අර්ථ දැක්වීය.

"වංචනිකයින් විසින් මෙහෙයවන ලද ආනයනික රජය ප්‍රතික්ෂේප කරමින් මෙවැනි ජනකායක් මෙතරම් ස්වයංසිද්ධව සහ සංඛ්‍යාවෙන් අපේ ඉතිහාසයේ කිසි දිනෙක එළියට පැමිණ නැහැ" ඛාන් විරෝධතා ගැන ට්විටර් පණිවුඩයක් තබමින් පවසා සිටියේය.



Recommended Articles