බර්ලුස්කෝනි සහ පූටින් රහසේ සිදුකළ ලිපි හුවමාරුව


රෝමය සහ මොස්කව් අතර වත්මන් ආතතීන් නොතකා රුසියානු ජනාධිපතිවරයා සමග කුළුපග ලිපි සහ තෑගි හුවමාරු කර ගනිමින් හිටපු ඉතාලි අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි ව්ලැදිමීර් පූටින් සමඟ නැවත සම්බන්ධ වී ඇති බව කියයි.

“මගේ උපන්දිනය වෙනුවෙන් ඔහු මට වොඩ්කා බෝතල් 20ක් සහ ඉතා කුඵපග ලිපියක් එව්වා කියන අර්ථයෙන් මා පූටින් සමඟ නැවත සම්බන්ධ වුණා” ඉතාලි ප්‍රවෘත්ති ඒජන්සියක් විසින් නිකුත් කරන ලද හඬ පටයක බර්ලුස්කෝනි පවසන බව අසන්නට ලැබේ. "මම ඔහුට වයින් බෝතල් කිහිපයක් සහ ඒ හා සමාන කුළුපග ලිපියකින් පිළිතුරු දුන්නා"

සැප්තැම්බර් 29 වන දින සිය 86 වැනි උපන්දිනය සැමරූ බර්ලුස්කෝනි, අඟහරුවාදා රෝමයේදී ඔහුගේ ෆොර්සා ඉතාලියා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා සිය අදහස් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ෆොර්සා ඉතාලියා පක්ෂ්‍ය පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බර්ලුස්කෝනි සහ පක්ෂය දෙකක් බවත්, රුසියානු-යුක්රේන ගැටුම සම්බන්ධයෙන් යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ස්ථාවරයේ ඉතාලිය තවදුරටත් රැඳෙන බවත්ය.



Recommended Articles