බර්ලුස්කෝනි ජනපති සටනින් ඉවත් වෙනවාලු


ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි, ජනවාරි 24 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර, පක්ෂ අතර සාකච්ඡා සඳහා ඇති බාධාව ඉවත් කරමින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වා තිබේ.

සෙසු දක්ෂිනාංශික නායකයින් සමග සෙනසුරාදා පැවති අතථ්‍ය රැස්වීමකදී ප්‍රකාශයක් කරමින්, බර්ලුස්කෝනි අවධාරණය කළේ තමාට ඡන්ද පදනමක් ඇති නමුත්, ජාතික වගකීමක් ලෙස සලකා තමාගේ නම යෝජනා කළ අයගෙන් එය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගිගේ නම මේ සඳහා යෝජනා වීමට බොහෝදුරට ඉඩ ඇති බවද සඳහන් වෙයි.



Recommended Articles