බයිඩන්ගේ සංචාරය අතරතුර සහායකයෙකු ආසාදිත වෙයි


ජනාධිපති ජෝ බයිඩන්ගේ විදේශ සංචාරය අතරතුර ධවල මන්දිර නිලධාරියෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර මේ වනවිට ස්කොට්ලන්තයේ නිරෝධායනය වෙමින් සිටින බව ධවල මන්දිරය තහවුරු කරයි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා ජනාධිපතිවරයා සමග සමීප සම්බන්ධතා නොපවත්වා ඇති බවත්, කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් ධවල මන්දිර ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව පරිපාලන සහාය ඇතිව නිරෝධායන කාලය සම්පූර්ණ කිරීම සඳහා ඔහු ස්කොට්ලන්තයේ රැඳී සිට ඇති බවද කියයි.

එසේම වැඩිදුර ආරක්ෂාව සඳහා ජනාධිපතිවරයාගේ සියලු සමීප සම්බන්ධතා එක්සත් ජනපදයට පැමිණීමෙන් පසු PCR හරහා පරීක්ෂාවන්ට මුහුණ දුන් අතර, ඒවාද ඍණාත්මක ප්‍රතිඵල පෙන්වූ බවත්, ජනාධිපතිවරයාද පසුව සිදුකළ පරීක්ෂාවකදී සෘණාත්මක ප්‍රතිඵලයක් පෙන්වූ බවත් ධවල මන්දිර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.



Recommended Articles