බයිඩන්ගේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙලාලු


වෙනත් වාර්තාකරුවෙකු සමග ඇති සම්බන්ධයක් ගැන විමසූ වාර්තාකරුවෙකුට තර්ජනය කළ ධවල මන්දිරයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ටී.ජේ. ඩක්ලෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

"අද සවස ටී.ජේ. ඩක්ලෝ සමග කළ සාකච්ඡාවකින් පසුව ඔහුගේ ඉල්ලා අස්වීම අප පිළිගත්තා" යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. "මෙම සංවාදය ධවල මන්දිරයේ මාණ්ඩලික ප්‍රධානියාගේ සහාය ඇතිව සිදුවූවක්."

ඩක්ලෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, "මෙය භයානක බව මා දන්නවා. මට එය ආපසු ලබාගත නොහැකි බවත් මා දන්නවා. නමුත් මට එයින් ඉගෙන ගෙන වඩා හොඳ දේ කළ හැකි නිසා මා ඉල්ලා අස්වෙනවා." යැයි කියා තිබුණි.



Recommended Articles