මොස්කව් ලාභ නොලබන ඉන්ධන විකුණන්නේ නැති බවත්, එබැවින් යුරෝපා සංගමය රුසියාවෙන් ආනයනය කරන සියල්ලම පාහේ තහනම් කිරීමෙන් පසුවත්, එක්සත් ජනපදය එය වට්ටමක් යටතේ උදුරා ගැනීමේ උපක්‍රමය සිල්ලර අදහසක් යැයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසයි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉන්ධන මිල පහත හෙලීමට තම පරිපාලනය දරන උත්සාහයන් ගැන සාකච්ඡා කරමින් යෝජනා කළේ, යුරෝපා සංගමයේ ඉන්ධන සම්බාධක හේතුවෙන් රුසියාවට සිය ඉන්ධන විශාල වට්ටමක් යටතේ විදේශීය ගැනුම්කරුවන්ට ලබාදීමට බල කෙරෙනු ඇති බවය. බයිඩන්ගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පෙස්කොව් මෙම අදහස් පළ කළේය.
"රුසියානුවන්ට එය (ඉන්ධන) විකිණීමට විශාල අවශ්‍යතාවක් පවතිනවා. ඒ නිසා වෙළෙඳපොළ පවතින මිලට වඩා සැලකිය යුතු අඩු මිලකට ඔවුන්ට ඒවා විකුණන්න සිදුවෙනවා." බයිඩන් පවසා තිබුණේ යුරෝපා සංගමයේ රුසියානු ඉන්ධන සම්බාධකවලින් ලැබෙන ප්‍රතිලාභයක් ගැන ඉඟි කරමිනි.
පෙස්කොව් පැවසුවේ ගෝලීය ඉන්ධන වෙළෙඳපොළ බලවේග එයට එරෙහිව ක්‍රියා කරන බැවින් මෙය කිසිසේත්ම සිදුනොවන්නක් බවයි.
"නිසැකවම, රුසියාව ලාභයකින් තොරව කිසිවක් විකුණන්නේ නැහැ. ඉල්ලුම එක තැනකින් පහත වැටී වෙනත් තැනකින් ඉහළ යාමට පුළුවන්. පාර්ශ්වයන් වෙළෙඳාම සඳහා හොඳම කොන්දේසි සොයන විට සැපයුම් දාමයන් නැවත නිවැරදි දිශානතියට පත් වනු ඇති" ඔහු පැවසීය.
යුරෝපා සංගමය මේ සතියේ රුසියානු ඉන්ධන ආනයනය කපා හැරීමට එකඟ වූ අතර, වෙළෙඳාමෙන් 75%ක් වහාම නැවැත්වීමට සහ වසර අවසන් වන විට 90%ක් තහනම් කරන බව පැවසීය.
කෙසේ වෙතත් රුසියානු තෙල් නිෂ්පාදකයින් ඔවුන්ගේ සැපයුම් ඉන්දියාව වැනි ආසියානු වෙළෙඳපාළ වෙත හරවා යවා ඇත. 2020 මැද භාගයේ සිට ඉහළ යන බොරතෙල් සඳහා වෙළෙඳපොළ මිල ගණන් සඳහා ඔවුන් (රුසියාව) නොමසුරුව ඉන්දියාව වැනි රටවලට වට්ටම් ලබාදෙන බවද වාර්තා වේ.