එලැඹෙන වසරේ එක්සත් ජනපදයේ ආරක්ෂක අයවැය ඇ.ඩො.බිලියන 800ක් ඉක්මවීමට මග පාදමින්, ජනාධිපති ජෝ බයිඩන් විසින් යෝජනා කරන ලද වාර්තාගත ආරක්ෂක පනත එක්සත් ජනපද නියෝජිත මන්ත්රී මණ්ඩලය සම්මත කර තිබේ.
සභාව 329ට101ක් ලෙස ඡන්දයෙන් පෙන්ටගනය සඳහා ප්රතිපත්ති සම්පාදනය කරන ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත හෝ NDAA හි අනුවාදය සම්මත කළේය.
සෙනෙට් සභාව තවමත් එහි අනුවාදය සම්මත කර නැති නමුත් සෙනෙට් සන්නද්ධ සේවා කමිටුව බයිඩන්ගේ යෝජනාවට වඩා වැඩිවීමක් දැනටමත් යෝජනා කර ඇත.