යුක්රේනය වෙත හදිසි සංචාරයක නිරත වූ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඉන් අනතුරුව පෝලන්තයේ වෝසෝව් නුවර වෙත ළඟාවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම සංචාරයේදී පෝලන්තය හා එක්සත් ජනපදය අතර සහයෝගීතාව මෙන්ම, යුක්රේනය සහ නේටෝව වෙත දක්වන එක්සත් ජනපද සහයෝගය සම්බන්ධයෙන්ද දෙරටේ නායකයන් සාකච්ඡා කිරීමට නියමිතය.
යුක්රේන සංචාරයේදී ඇමෙරිකානු නායකයා විසින් යුක්රේනය වෙත තවත් ඇ.ඩො.මිලියන 500ක යුද ආධාර ලබාදෙන බවට පොරොන්දු විය.