බයිඩන් උද්ධමනය අඩු කිරීමේ පනත නීතියක් බවට පත් කරයි


එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් 2022 උද්ධමනය අඩු කිරීමේ පනතට අත්සන් තබවින්, එක්සත් ජනපද ඉතිහාසයේ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ධවල මන්දිරය විසින් ඉදිරිපත් කරන ලද විශාලතම පන්ත කෙටුම්පතට අත්සන් තැබීය.

එය "ඓතිහාසික පනතක්" ලෙස හඳුන්වමින් බයිඩන් ධවල මන්දිරයේදී කියා සිටියේ, එය ඇමෙරිකානු පවුල් සඳහා වියදම් අඩු කිරීම, දේශගුණ අර්බුදයට එරෙහිව සටන් කිරීම, භාණ්ඩ හිඟය අඩු කිරීම සහ අවසානයේ සාධාරණ බදු ගෙවීමට සලස්වනු ඇති බවයි.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා දළ වශයෙන් ඩොලර් බිලියන 400ක ආයෝජනයක්, බෙහෙත් වට්ටෝරු ඖෂධ වඩාත් දැරිය හැකි මිලකට ලබා දීමට පියවර ගැනීම සහ වසරකට ඩොලර් බිලියනයකට වඩා වැඩි ආදායමක් උපයන්නන්ට 15ක අවම බද්දක් මෙම පනතට ඇතුළත් වේ. මෙම ව්‍යවස්ථාව දශකයක් තුළ ඩොලර් බිලියන 300කට ආසන්න ශුද්ධ ආදායමක් උපයා ගනු ඇත.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පවසන්නේ එය ෆෙඩරල් හිඟය අඩු කිරීමෙන් උද්ධමනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වනු ඇති බවයි. කෙසේ වෙතත්, රිපබ්ලිකන්වරු පවසා සිටියේ, භාණ්ඩ මිල අඩු කිරීමට සිදුකළ සුළු දෙයක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි. සෙනෙට් රිපබ්ලිකන් නායක මිච් මැක්කොනෙල් පැවසුවේ නව නීතිය ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කරන බවයි.

"පසුගිය වසරේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ඇමරිකානුවන් කොල්ලකෑවේ වාර්තාගත උද්ධමනයකට අපේ ආර්ථිකය ඇද දමමින්. මේ වසරේ ඔවුන්ගේ විසඳුම වන්නේ එය දෙවැනි වරටත් කිරීමයි" යනුවෙන් මැක්කොනෙල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.



Recommended Articles