බටහිරින් සියයට 1ක් ඉල්ලයි..


සියලුම බටහිර රාජ්‍යයන් තම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් යුක්රේනය වෙත අවි ආයුද සැපයීම සඳහා යොමුකළ යුතු බව යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රෙ මෙල්නික් පවසයි.

"අපට ලබාදෙන යුද ආධාර සම්බන්ධයෙන් අපේ මිත්‍ර පාර්ශ්වයන්ට ස්තූතිවන්ත විය යුතුයි. නමුත්, මේ ලැබෙන යුධ ආධාර ප්‍රමාණවත් නෑ." ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම පැවසීය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා එක්සත් ජනපදය ඇ.ඩො.බිලියන 35.4ක් වටිනා යුද ආධාර යුක්රේනය වෙත ලබාදී තිබේ.

එමෙන්ම, යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවලින් තවත් ඇ.ඩො.බිලියන 13.3ක් වටිනා යුද ආධාර ලබාදී ඇත.

නමුත් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසන්නේ, රුසියානු ආක්‍රමණය වැළැක්වීමට මේ ලැබෙන ආධාර මෙන් දස ගුණයක ආධාර මෙම වසරේදී අවශ්‍ය බවයි.



Recommended Articles