යුක්රේනයේ සිදුවන රුසියානු හමුදා මෙහෙයුම් සමග බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවනු ලැබූ ආර්ථික සම්බාධක හේතුවෙන් රුසියාව චීනය වෙතට වඩාත් නැඹුරු වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙය සීතල යුද්ධයේ අවසානයෙන් පසු ලෝක දේශපාලනයේ විශාලතම පෙරළියක් බව පෙන්වා දෙන එම වාර්තාවන්, එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ විදේශ ආර්ථික සබඳතා සහ ආර්ථික මොඩලය සුවිශේෂී වෙනස්කම්වලට ලක්වනු ඇති බවද කියයි.
මීට පෙර ඇමෙරිකාව විසින් චීනය වෙත ආර්ථික සම්බාධක පනවමින් ගෙනගිය ගැටුම මධ්‍යයේ පවා චීනය පවා සෘජු ප්රතිපත්තියක රැඳී සිටි අතර, මෙම වර්ධනය වන නවතම ගැටුම මධ්‍යයේ නැගෙනහිර ආසියාවේ තත්ත්වය සැලකීමේදී චීනය වඩාත් ප්රබලව ලෝක ආර්ථික සුක්ඛානම අතට ගනිමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව දිගුකාලීනව යුක්රේන ව්‍යසනයෙන් ප්රතිලාභ ලබන එකම ලෝක බල කේන්ද්‍රය චීනය වනු ඇති අතර, යුක්රේනයේ සිදුවීම් සම්බන්ධයෙන් චීනය ස්වාධීන මතයක සිටීම හමුවේ රුසියාවද චීනය වෙත නිතැතින්ම නැඹුරුවීම නොවැළැක්විය හැකි බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.