ආර්ථික සම්බාධක මගින් අන් අයට දඬුවම් කිරීමට උත්සාහ කරන බටහිර ජාතීන් ඔවුන්ගේ ශක්තිය අධිතක්සේරු කරමින් සිටින බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් බ්‍රහස්පතින්දා යුරේසියානු ආර්ථික සංසදයේදී පැවසීය.
"ලෝකයේ වැඩි වැඩියෙන් රටවල්වලට ස්වාධීන ප්‍රතිපත්තියක් අවශ්‍ය වන අතර, ඒවා අනුගමනය කරනු කළ යුතුයි." ඔහු එම සංසදය අමතමින් පැවසීය. "කිසිදු 'ලෝක පොලිස්කාරයෙකුට' මෙම ස්වභාවික ගෝලීය ක්‍රියාවලිය නැවැත්විය නොහැකියි. කිසිවෙකු එතරම් ශක්තිමත් නැහැ."
"ඔවුන් තම ජාතීන් තුළ අභියෝගවලට මුහුණදෙන අතර, මෙම ප්‍රතිපත්තියට කිසිසේත්ම අපේක්ෂාවන් නොමැති බව ඔවුන් වටහා ගනු ඇතැයි මො බලාපොරොත්තු වෙනවා" රුසියානු නායකයා එක්සත් ජනපදය සහ එහි බටහිර සගයන් ගැන සඳහන් කරමින් පැවසීය.
පෙබරවාරි මාසයේදී යුක්රේනයට පහර දීම සම්බන්ධයෙන් බටහිර රටවල් විසින් රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පසු රුසියාව ලොව වඩාත්ම සම්බාධකවලට බඳුන් වූ රට බවට පත්විය.