බටහිරත් සමග අභ්‍යවකාශ සහායන් අවසන් - රුසියාව


රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා පවසන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) බටහිර රටවල් සමග හවුල්කාරිත්වය අවසන් කිරීම පිළිබඳ සැලැස්මක් යෝජනා කරන බවයි.

සෙනසුරාදා ප්‍රකාශය පැමිණෙන්නේ පෙබරවාරි අගදී දියත් කරන ලද යුක්රේනයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මොස්කව් වෙත පනවා ඇති සම්බාධකවලට ප්‍රතිචාරයක් වශයෙනි.

දිමිත්‍රි රොගොසින් පැවසුවේ රොස්කොස්මොස් විසින් එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපා සංගමය සහ ජපන් අභ්‍යවකාශ ඒජන්සි සමග ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සහයෝගීතාව අවසන් කිරීමේ කාලසටහන පිළිබඳ යෝජනා ඉක්මනින් රටේ නායකත්වයට ඉදිරිපත් කරන බවයි.

රටට පනවා ඇති සම්බාධඛ සීමාවන් ඉවත් නොකළහොත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ වැඩ සාමාන්‍ය පරිදි කරගෙන යා නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.



Recommended Articles