බටහිර රුසියානු ලෝකයට එරෙහි සම්පූර්ණ යුද්ධයක!


බටහිර ජාතීන්ගේ වත්මන් හැසිරීම "රුසියානු ලෝකයට එරෙහි සම්පූර්ණ යුද්ධයකට සමානයි" යනුවෙන් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් රටේ කලාපවල ප්‍රධානීන් සමග පැවති රැස්වීමකදී පැවසීය.

මෙම අභියෝගයට මුහුණ දීමට රජය ගත් තීරණයට රුසියානු සමාජය සහ ප්‍රධාන දේශපාලන බලවේග සහාය දක්වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

"බටහිර ජාතීන් අපේ ජාතිය වළක්වන්න දරන උත්සාහය දෙගුණ තෙගුණ කරමින් හතර ගුණයකින් වැඩි කරනවා. ඔවුන් ඒකපාර්ශ්වික ආර්ථික සම්බාධකවල සිට ගෝලීය මාධ්‍යවල මුළුමනින්ම රැවටිලිකාර ප්‍රචාර දක්වා පුළුල් පරාසයක මෙවලම් භාවිත කරනවා" ලැව්රොව් සඳහන් කළේය. "රාජ්‍යයන් ගණනාවක් විසින් රුසෝෆෝබියාව හෙවත්, අපට බලවත් කනගාටුවක් ඇති කරන දෙය පෙර නොවූ විරූ මට්ටම්වලින් ප්‍රවර්ධනය කිරීම ඉහළ ගොස් තිබෙනවා." ලැව්රොව් වැඩිදුරටත් පැවසීය.



Recommended Articles