බටහිර ඉවුර ප්‍රචණ්ඩත්වයෙන් පලස්තීනයේ 5ක් ජීවිතක්ෂයට


බටහිර ඉවුරේ විවිධ සිදුවීම් හතරකදී ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින් පස් දෙනෙකු ඝාතනය කර ඇති බව පලස්තීනය පවසයි.

රාමල්ලා සහ හෙබ්‍රොන් නගර අසල ඊශ්‍රායල හමුදා සමග රාත්‍රියේ ඇති වූ ගැටුම්වලදී 20 හැවිරිදි සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු වෙඩි තබා මරා දමා තිබේ.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ සිව්වැන්නා වෙඩි තබා ඇත්තේ ඔහුගේ මෝටර් රථය සොල්දාදුවෙකු මතට පදවා බරපතළ තුවාල සිදු කිරීමෙන් පසුව බවයි.

පස්වැන්නා සවස් වරුවේ රමල්ලා අසල ඇති වූ ගැටුම්වලින් පසුව මිය ගිය බව වාර්තා වේ.

බටහිර ඉවුරේ සහ ඊශ්‍රායලයේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීමෙන් පසු ඊශ්‍රායල-පලස්තීන ගැටුම "නැවතත් උණුසුම් ස්ථානයකට ළඟා වෙමින්" ඇති බවට එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබේ.



Recommended Articles